Saturday, July 2, 2011

" පැරදුනෙමි අහින්සක නෙතුසගලකට "


කලක් තිස්සේ සෙවූ දෙයක්
අහඹුවෙන් මා නෙත ගැ‍ටුනි
මෙතරම් අහින්සක දෙනෙතක්
නොදු‍ටුවෙමි ජීවිතයට මින් පෙර
සොයා බැලුවෙමි වතගොත
හිමිකාරියගේ ඒ දෙනෙතේ
වාසනාවන් ...!! ඇබෑර්තුවක් ඇත
දෙනෙත් හිමිකාරියගේ හිමිකරු වීමට
ඉතින් සිතුවෙමි හිමිකරු වී නුබේ
සදහටම කරගන්නට මා සන්තක
සිටිමි ආසාවෙන් සැගවෙන්නට
මට ලෙන්ගතු ඔය දෙනෙත තුල
මොහොතක් නොදැක ඉන්න බැරි තරමට
මසිත වශී වී ඇත නුබ දෙනෙතට

එහෙත්
මේ නෙතු සගල ගැන මා දකින සිහින
සැබෑවක්ම වේවිද ??????????

2 comments:

  1. කලකට ඉහත මටද ඔය දෙයම විය...
    මගේ සිහිනය සැබෑ විය...
    ඔබේ සිහිනයද සැබෑ වේවා..

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි... ඒත් මගේ අලුත් පෝස්ට් දැක්කම මගේ සිහිනයට වෙලා තියෙන දේ තේරුම් ගන්න පුලුවන් වේවි...

    ReplyDelete