Thursday, July 7, 2011

මූනුපොතේ නන්නාදුනන හිතවතියට ,,,


නුබ මගේ අදුරු සිත් අහසට
අද දින පුංචි තරුවක් වුවත්
මතු දින පුන්සදකටත් වඩා එලිය දී
මගේ ලෝකය සරසන්නට
නුබට හැකි බව දැන දැනත්
සදහටම මගේ සිත් අහසේ
නුබව තියා ගන්නට තරම්
වාසනාවන්තයෙක් නොවෙමි මම ...




සදාකාලික නොවූ ප්‍රේමය වෙනුවෙන්
උගසට තබා අපේ අහින්සක මිතුදම
කෙදිනක හෝ අහිමිවන නුබව
බොහෝ ඉක්මනින් අහිමි කරගෙන
නැවතත් පාලු දේශයට ගොඩ වැදී
එහි පුරවැසි බව ලබා ගත නොහැක මට ...

ඉතින් මා යෙහෙලිය නුබට හැකි කලක්
මගේ අදුරු සිත් අහසට වී දිලෙනු මැනවි ...!!!

No comments:

Post a Comment