Wednesday, July 27, 2011

මිරිගුව


මා නුබ වෙතට
ලංවන තරමටම
නුබ මවෙතින් ඉවතට
යන බව දැන දැනත්
පිපාසිත මගේ සිත
තවමත් නුබවම පතා
නුබ වෙතට ඇදෙයි ..

Thursday, July 14, 2011

මෙරුවාට කියමි


වහල් වී උබේ හිතට
වශී වී ඒ රුවට
ලං උනේ ඇයි උබ
දැන දැනම අවසානය ...
දවාගෙන ත‍ටු දෙක
තනි වෙලා පොලොව මත
විදවපන් දැන් ඉතින්
සාප නොකර ඒ රුවට ...
ඉතිරිවුන ජීවිතය
‍රැක ගනින් මතුවට
නොකර මෙවන් ගොන්කම්
ඉඩ දියන් බුද්දියට...

Monday, July 11, 2011

පැතුම .....


සදේ තනියට සද වලාකුලේ සැගවෙනවා
වෙරලේ තනියට සයුරු රළ වෙරල සිබිනවා
මලේ තනියට මල් සුවද මල අසල ‍රැදෙනවා
මගෙ තනියට හිත නුබෙ සෙනෙහෙ පතනවා .....

Thursday, July 7, 2011

මූනුපොතේ නන්නාදුනන හිතවතියට ,,,


නුබ මගේ අදුරු සිත් අහසට
අද දින පුංචි තරුවක් වුවත්
මතු දින පුන්සදකටත් වඩා එලිය දී
මගේ ලෝකය සරසන්නට
නුබට හැකි බව දැන දැනත්
සදහටම මගේ සිත් අහසේ
නුබව තියා ගන්නට තරම්
වාසනාවන්තයෙක් නොවෙමි මම ...




සදාකාලික නොවූ ප්‍රේමය වෙනුවෙන්
උගසට තබා අපේ අහින්සක මිතුදම
කෙදිනක හෝ අහිමිවන නුබව
බොහෝ ඉක්මනින් අහිමි කරගෙන
නැවතත් පාලු දේශයට ගොඩ වැදී
එහි පුරවැසි බව ලබා ගත නොහැක මට ...

ඉතින් මා යෙහෙලිය නුබට හැකි කලක්
මගේ අදුරු සිත් අහසට වී දිලෙනු මැනවි ...!!!

Tuesday, July 5, 2011

අපි වෙනුවෙන් අපි වෙමු ..!!

තල් ගස් පාමුල වෙඩිහඩ අතරේ
වෙව්ලන දෑතින් පදවැල් අමුනා
හිත වූ සියල්ල ඇයට එවූ නුබ
නොහැකිව ඇසුරක් පන්හිද සමගින්
දුක් වන අයුරක් අද දෑතම අහිමිව ...,

යොමා පසෙකට අත ‍රැදි ගිනි අවිය
පෙව්වා දිය බිදක් නොහදුනන සොයුරාට
නොකරම මායිම් නුඹෙ වූ මනුස්සකම
පෙන්වා සගවා සිටි උගේ වූ පුල්ලි ටික
පුපුරා හැරියා අත වූ බෝම්බය ...,

හැරදා ගිය නිසා ආදරයෙන් උන් ඇයද
නැතිවිය අසන්නට කිසිවකු හිතේ දුක
නිදහස් වු රටක මහා තනිකම සමගින්ම
සිටිනා සෙබල සොයුර මතු නුඹෙ ලොවට
පායනු ඇත ඉරක් රට බේරා නුබ කල පිනට ... !!

Sunday, July 3, 2011

වෙනස


මහන්සි වී
සොයාගන්න
ජීවිතකාලෙම
ලගින් තියාගන්න
වැඩි කරදර නොදෙන
3310 ක් .....
පිටින් හරි අපූරු
ලස්සන ලස්සන
කැටයම් දාපු
ලාබෙට ලැබෙන
අලුත් පන්නයේ
සියල්ලම
ඩුවල් සිම් නිසා .....

Saturday, July 2, 2011

" පැරදුනෙමි අහින්සක නෙතුසගලකට "


කලක් තිස්සේ සෙවූ දෙයක්
අහඹුවෙන් මා නෙත ගැ‍ටුනි
මෙතරම් අහින්සක දෙනෙතක්
නොදු‍ටුවෙමි ජීවිතයට මින් පෙර
සොයා බැලුවෙමි වතගොත
හිමිකාරියගේ ඒ දෙනෙතේ
වාසනාවන් ...!! ඇබෑර්තුවක් ඇත
දෙනෙත් හිමිකාරියගේ හිමිකරු වීමට
ඉතින් සිතුවෙමි හිමිකරු වී නුබේ
සදහටම කරගන්නට මා සන්තක
සිටිමි ආසාවෙන් සැගවෙන්නට
මට ලෙන්ගතු ඔය දෙනෙත තුල
මොහොතක් නොදැක ඉන්න බැරි තරමට
මසිත වශී වී ඇත නුබ දෙනෙතට

එහෙත්
මේ නෙතු සගල ගැන මා දකින සිහින
සැබෑවක්ම වේවිද ??????????