Monday, March 25, 2013

හීනය



වියලී කේඩෑරී වී ගිය
ගසක් යට හිද
දකිමි මම හීනයක්
හෙවනක් ගැන


Tuesday, December 4, 2012

තවත් මලක්


ඔහු ඇවිත්
නෙලා යනතුරු
නොදැනුනේ ඇයිද
නුබ අයිති මටම බව

*Blank*




කාලය
ඉක්මනට ගතවෙලා
හැමදෙයම
වෙනස් වුනත්....

අද හෙටම
අපි වෙන් වුනත්....

ඒ... මිහිරි මතක සුවඳ
හැමදාම
අපි ලඟ ‍රැඳේවි

We do not remember days, we remember moments - I'm sure I'm gonna miss you.

Saturday, December 1, 2012

අම්බලම



නුබත් එන්න
විඩාගෙන නිමාව
හදාගෙන බිදුනු හිත
පාලු කර යන්න
මගේ හිත් අම්බලමට

මම


අන්සතු උයනක
ඉරිතැලී වියැලුන බිම
මල් පිපෙන්නට සැකසූ
තාවකාලික
උයන්පල්ලෙක් වෙමි

Tuesday, October 23, 2012

යතාර්ථවාදී නිදහසක් සලකා


අපේ සනහුරේ
ඈයෝ  තවම 
පාරමිතා පුරනවා
රැහෙන් ගැලවී
මල් සිඹින උන්
අඳුරේ අංජනම් බලනවා
අනන්තයක  නිදහසක්
අපේ හිත් තුල රැඳෙනවා
කැමති නම් වරෙල්ලා
ඔරුව තවම
පිටත් උනේ නැහැ