Tuesday, December 4, 2012

තවත් මලක්


ඔහු ඇවිත්
නෙලා යනතුරු
නොදැනුනේ ඇයිද
නුබ අයිති මටම බව

*Blank*




කාලය
ඉක්මනට ගතවෙලා
හැමදෙයම
වෙනස් වුනත්....

අද හෙටම
අපි වෙන් වුනත්....

ඒ... මිහිරි මතක සුවඳ
හැමදාම
අපි ලඟ ‍රැඳේවි

We do not remember days, we remember moments - I'm sure I'm gonna miss you.

Saturday, December 1, 2012

අම්බලම



නුබත් එන්න
විඩාගෙන නිමාව
හදාගෙන බිදුනු හිත
පාලු කර යන්න
මගේ හිත් අම්බලමට

මම


අන්සතු උයනක
ඉරිතැලී වියැලුන බිම
මල් පිපෙන්නට සැකසූ
තාවකාලික
උයන්පල්ලෙක් වෙමි