Tuesday, July 5, 2011

අපි වෙනුවෙන් අපි වෙමු ..!!

තල් ගස් පාමුල වෙඩිහඩ අතරේ
වෙව්ලන දෑතින් පදවැල් අමුනා
හිත වූ සියල්ල ඇයට එවූ නුබ
නොහැකිව ඇසුරක් පන්හිද සමගින්
දුක් වන අයුරක් අද දෑතම අහිමිව ...,

යොමා පසෙකට අත ‍රැදි ගිනි අවිය
පෙව්වා දිය බිදක් නොහදුනන සොයුරාට
නොකරම මායිම් නුඹෙ වූ මනුස්සකම
පෙන්වා සගවා සිටි උගේ වූ පුල්ලි ටික
පුපුරා හැරියා අත වූ බෝම්බය ...,

හැරදා ගිය නිසා ආදරයෙන් උන් ඇයද
නැතිවිය අසන්නට කිසිවකු හිතේ දුක
නිදහස් වු රටක මහා තනිකම සමගින්ම
සිටිනා සෙබල සොයුර මතු නුඹෙ ලොවට
පායනු ඇත ඉරක් රට බේරා නුබ කල පිනට ... !!

No comments:

Post a Comment