Thursday, June 30, 2011

අම්මා

නිවන්නට කුසගිනි හරවා නුබෙ ලෙය කිරට
පෙව්වා මෙමට නොහිතා නුබ ගැනවත්

දුන්නත් පාර දෙක තුන මා කල වරදකට
තෙමුනා විටම ඔය නෙතු හිත් කැක්කුමට

සගවා ගෙන කදුලු සයුර නුබෙ හිත ඇතුල
නිතරම ‍රැන්දුවා සිනහව මගෙ මුවග මත

උන්නත් සැගවිලා නුබ අදුරටම වෙලා
සරසා එලිය කරවූවා සැමදා මගෙ ලෝකේ

කවා රසමසවුලු නුබෙ සුරතින් මෙමට
මතකයි උන්නා නුබ කුසගින්නේම


පි‍ටුපා ගියද හෙවනැල්ලත් දිවි අදුරේ
සිටියා නුබ මගේ ලගින් පැය විසි හතරේ

ඇතිමුත් බොහෝ පින් බුදුවන්නට මතුසසරේ
යලි උපදින මා නිසා මගේ අම්මා වේවා මගෙම ... !!

No comments:

Post a Comment