Wednesday, June 29, 2011

ආදරය

අතරමංවෙලා හිටපු මම ආදරේ ගැන හොයද්දි NadeeshaNi Mulleriyawa අක්ක කිව්වෙ මෙන්න මෙහෙම

"ආදරය ගැන රචනා ලියන්න නම් මම දන්නේ නෑ. ඒත් අපි පුංචි පැටියෙක් වෙලා වෙලා අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳ ගත්ත දා ඉඳන් අපිට ආදරේ ඕනේ. මේ ආදරේ ලැබෙන විදිහ, ආදරේ ලබාදෙන පුද්ගලයා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. පුංචි කාලෙදි අම්මාගෙන් තාත්තාගෙන් පටන් ගත්ත ආදරේ නෑදෑයන්, යහළු යෙහෙළියන්, ගුරුවරුන් කියන අයගෙන් ලබාගන්න අපි, ටික ටික ලොකු වෙනකොට තවත් අයගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා වගේම තවත් අයව ජීවිතේට ළං කරගන්නවා. මුලදී ඒ අය විශේෂ යාළුවෝ වෙනවා, ඊට පස්සෙ ඒ කෙනා තමන්ගේ පෙම්වතිය / පෙම්වතා වෙනවා. ඒත් දැන් කාලේ බැඳීම් වලට තියෙන්නෙ බොහොම පොඩි ආයුෂ කාලයක්. හරි කෙනා ලැබුණොත් ජීවිත කාලෙම ඉන්න පුළුවන්. එහෙම නොවුණොත් ඒ කෙනා අපේ ජීවිතෙන් ගිහින් කාලයක් යනකොට වෙන කෙනෙක් ළං වෙනවා. අපි දැනගන්න ඕනේ අපිට ගැළපෙන හරි කෙනාව හොයාගන්න. සීයට සීයක්ම ගැළපෙන කෙනෙක් කාටවත් ලැබෙන්නෙ නෑ. ඒත් යම්තාක් දුරකට අපේ හැඟීම් තේරුම්ගන්න පුළුවන්, අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න පුළුවන් කෙනෙක් ලැබුණොත් ඒ හොඳටම ඇති. එහෙම කෙනෙක් ලැබුණාම කරන්න තියෙන්නේ එයාව නැති කරගන්නේ නැතුව එයාගෙ තියන නොගැළපීම් ගළපාගන්න එක විතරයි. ඒක එච්චරම ලේසි වැඩක් නම් නෙමෙයි. ඒත් කරන්න බැරි තරම් අමාරු වැඩකුත් නෙමෙයි. ඉවසීම, විශ්වාසය සහ ඒ කෙනාව නැති කරගන්නේ නෑ කියන අධිෂ්ඨානය තියනවා නම් නොගැළපීම් ගළපන එක අමාරු නෑ. එහෙම කියද්දී මට හොඳ කියමනක් මතක් වෙනවා.


Love isn't finding a perfect person. It's seeing an imperfect person perfectly. - Sam Keen.

ඉතින් ආදරේ කියන්නේ හරියටම මෙන්න මේකයි කියලා නිර්වචනය කරන්න නම් අමාරුයි. එක වෙලාවකට නම් මේ ලෝකේ ආදරය තරම් වෙන සතුටක් නෑ කියලා හිතෙනවා. ඒත් තවත් වෙලාවක ආදරය තරම් මේ ලෝකේ වෙන දුකක් නෑ කියලත් හිතෙනවා. ඒ කොහොම වුණත් ආදරය පිරිච්ච හිත්වලට කඳුල කියන දේ ගොඩාක් සමීපයි. ආදරයේදි දරාගන්න බැරි තරම් සතුටක් දැණුනත්, පපුව පැලිලා යන්න තරම් දුකක් වේදනාවක් දැණුනත් අපිටත් නොකියාම කඳුළු අපේ ඇස්වලට එන්නේ ඒ නිසයි."

No comments:

Post a Comment