නිවන්නට කුසගිනි හරවා නුබෙ ලෙය කිරට
පෙව්වා මෙමට නොහිතා නුබ ගැනවත්
දුන්නත් පාර දෙක තුන මා කල වරදකට
තෙමුනා විටම ඔය නෙතු හිත් කැක්කුමට
සගවා ගෙන කදුලු සයුර නුබෙ හිත ඇතුල
නිතරම රැන්දුවා සිනහව මගෙ මුවග මත
උන්නත් සැගවිලා නුබ අදුරටම වෙලා
සරසා එලිය කරවූවා සැමදා මගෙ ලෝකේ
කවා රසමසවුලු නුබෙ සුරතින් මෙමට
මතකයි උන්නා නුබ කුසගින්නේම
පිටුපා ගියද හෙවනැල්ලත් දිවි අදුරේ
සිටියා නුබ මගේ ලගින් පැය විසි හතරේ
ඇතිමුත් බොහෝ පින් බුදුවන්නට මතුසසරේ
යලි උපදින මා නිසා මගේ අම්මා වේවා මගෙම ... !!